Week 05

සමහර මිනිස්සු අපිව දාලා ගියාට, එයාලා අපි ළඟ ඉතිරි කරලා යන මතක නිසා අපිට එයාලව අමතක කරන්න සෑහෙන්න අමාරුයි..
කාමරේ ජනේලයෙන් එලිය අහස දිහා බලන ගමන් මම කල්පනාවකට වැටුනා..❤️‍🩹
ජීවිතේට මිනිස්සු එනවා යනවා. ඒත් අපේ හිතේ ඉඩක් වෙන් කරලා එතන ජීවත් වෙච්ච අය ගිය දවසට ඒ හිඩැස වහන්න ලේසියෙන් කෙනෙක්ට බෑ..
සමහර දවස් තියනවා මට මගේ ජීවිතේ මට මඟෑරුනු තැන් ගැන කල්පනා කර කර කාමරේටම වෙලා ගත කරන..
පුළුවන් තරම් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න කරන උත්සාහයේ ප්‍රතිඵලය විදියට මම දකින්නේ මම මගෙන්ම ඈත් වෙලා යනව වගෙයි..
කොහොම වුනත්,
බැඳීමක් නැතිවෙනකොට තියන වේදනාව කොච්චර දැනගෙන හිටියත් මට දවසින් දවස එයා එක්ක තියන බැඳීම වැඩි වෙනවා..
ඒක කොච්චර දරුණුද කියනවා නම් මගේ කේන්තිය නිවෙන්නෙත් එයා ගාව, මගේ දුක නැති වෙන්නෙත් එයා ගාව, මගේ හිනාව තියෙන්නෙත් එයා ගාව..
සතියක් දෙකක් තුනක් වචනයක්වත් කතා නොකර හිටියත් ඒ බැඳීම ඒ විදියමයි..
එයාගෙන් එළිය උනු දවසේ ඉදං හැමදාම මගේ ඔලුවේ පත්තු වෙවී තිබුණ ඒ හිඩස වැහුනා..
භෞතික දේවල් වලට වඩා මතක එකතු කරන්න පටන්ගත්තා..
ඒ මතක වලට ලොකු වටිනාකමක් දුන්නා..
හැම පොඩි තැනක්ම, හැම පොඩි සිද්දියක්ම මගෙ මතක වලට එකතු කරගත්තා වගේම කරගන්නවා..
වෙනදා මම අනිත් අයගේ හිතේ මතකයක් උනාට දැන් මගේ හිතේ එයා ගැන මතක පිරිලා..🌻
ඉතිං සයුරි, මම කොහොමද මේ විදියට ඔයාට ලියන්නේ නැතුව ඉන්නේ...❤️‍🩹